තැපැල් සේවකයන් වැඩ වර්ජනයක් කළද කිසිදු ගැටලුවකින් තොරව මෙම මස 11 වැනිදා සිට තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් ගන්නා බව මැතිවරණ කොමිසම පවසයි.
මෙයට අදාළ විශේෂ ගැසට් නිවේදනය අද 09 දා මැතිවරණ කොමිසම විසින් නිකුත් කිරීමට නියමිත අතර,රාජ්‍ය ආයතන හරහා ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ වැඩපිළිවෙළක් මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
තැපැල් ඡන්ද පත්‍රිකා මෙතෙක් බෙදා හරිනු ලැබුවේ තැපැල් දෙපාර්තමේන්තුව මගින් වන අතර,එහෙත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන තැපැල් සේවකයන් හෙට (10දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට නියමිතය.
DE සිල්වා








