FAST NEWS

24×7 Around the Globe

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රංජිත් අතපත්තු අභාවප්‍රාප්ත වෙයි..

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ වෛද්‍ය රංජිත් අතපත්තු අද (08) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට 84 වන වියේ පසු වූ ඔහු, 77 පෙරැළියේ සැබෑ කොටස්කාරයකුවී ජේ.ආර්. ජයවර්ධන රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරීය.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරනු ලැබූ අතර 1977 වසරේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හෙතෙම පළමුවරට බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසිනි.