FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද නාමලේඛන අද දින සහතික කෙරේ..

පළාත්පාලන ඡන්ද විමසීමට අදාළව තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ රාජ්‍ය සේවකයන්ගේ නාමලේඛන දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී අද (08) දිනයේ සහතික කෙරෙන බව මැතිවරණ කොමිසම් සභාව පවසයි.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් සඳහන් කළේ පන්ලක්ෂ 60,536 දෙනෙකු තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි.

තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාර දීම ලබන 11 වනදා සිදු කිරීමට නියමිතය.