දශක 04කට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය අද (08) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත් කිරිමට නියමිතය.
මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් ජලාශය වන මොරගහකන්ද ජලාශ ව්‍යපෘතිය ජනතා අයිතියට පත් කිරිමත් සමඟ මීට දශක 04කට පෙර අද වැනි දිනක පොල්ගොල්ලෙන් ඇරඹි මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සමාප්තිය ද සනිටුහන් කෙරෙයි.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ එහි සමාප්ති උත්සවයේ සැමරුම් උත්සවය “සාලිස් වසරක මහවැලි අසිරිය” ජාතික මහෝත්සවය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොල්ගොල්ල ජලාශය අසලදී පැවැත්වෙන බවය.
අක්කර ලක්ෂ 03ක් අළුතින් අස්වද්දා පුද්ගලයින් ලක්ෂ 15කට සෙත සලසන සහ පුද්ගලයින් ලක්ෂ 03කට පිරිසිදු පානීය ජලය සපයන මොරගහකන්ද කළු ගඟ මෙරට දැකිය හැකි ගල් පිරවූ ප්‍රධාන වෙල්ලක්, කොන්ක්‍රිට් කරන ලද වෙල්ලක් මෙන්ම පස්වලින් සෑදු යන වේල්ලක් යන වෙලී තුනකින් යුත් එකම ජලාශයද වෙයි.
ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ 60,000ක් වන අතර මෙම ව්‍යාපෘතිය යටතේ උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000කට අළුතින් දියවර සැපයෙයි.