FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී රන්දීර් රොද්‍රිගු ඇතුළු 05 කට ඇප..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගු ඇතුළු පස් දෙනෙකු මීගමුව මහාධිකරණය විසින් අද (05) ඇප මත මුදා හරිනු ලැබීය.

පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ මීට මාස දෙකකට පමණ පෙර දිවුලපිටිය ප්‍රදේශයේ දී ගැටුමක් ඇතිකර ගැනීමෙන් පසුව ජිව අත්බෝම්බයක් සහ පිස්තෝල දෙකක් ළඟ තබා ගත් බව පැවසෙන සිද්ධියකට ආදළව මොවුහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටියහ.

සැකකරුවන් සන්තකයේ ජිව අත්බෝම්බයක් සහ පිස්තෝල දෙකක් ළඟ නොතිබුණු බව කියමින් නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් සැකකරුවන්ට ඇප නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කළේය.

එසේම සතියට වරක් කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටිමේ කොන්දේසියක්ද අධිකරණයෙන් පැනවීය.

DE සිල්වා