FAST NEWS

24×7 Around the Globe

ඩී .කේ.පී ගේ දියණීය පොලිස් කොමීසමට යයි..

හිටපු නාවික හමුදා ප්‍රකාශක කොමදෝරු ඩී .කේ.පී දසනායකගේ දියණිය ඇතුළු පිරිසක් අද (05) පොලිස් කොමිසමට වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පක්ෂග්‍රාහී සහ සාවද්‍ය කරුණු ඉදිරිපත් කර රණවිරුවන් දින නියමයක් නොමැතිව රඳවාගෙන සිටින බවට චෝදනා කරමින් මෙම පැමීණිල්ල ඉදිරිපත් කර තිබේ.

2008 – 2009 කාල වකවානුවේදී තරුණයින් 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධීන්ට අදාළව නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා අත්අඩංගුවට ගැණුනේ පසුගිය වසරේ ජූලි 12 වැනි දිනය.

ඉන් පසු අඛන්ඩව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ඔහු අවසන් වරට පසුගිය ජනවාරි 02 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණී.

DE ිල්වා