2017 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයැදුම් පත ඇතුළත්, විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එ අනුව එහි ඇති උපදෙස් කියවා නිසි පරිදි අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයෙන සිසුන් සිය අයැදුම්පත යොමු කළ යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
අද (05) සිට ජනවාරි 26 වන දා දක්වා කාලය සඳහා මෙම අයැදුම්පත් යොමු කළ හැකි බවත් එම කොමිෂන් සභාව කියයි.
මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත ශිෂ්‍ය සංඛ්‍යාව 30500කි.
2017 උසස් පෙළ විභාගයෙන් සිසුන් 163,104 දෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූහ.
DE සිල්වා








