මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමෙන් පසුව නීතිවිරෝධී හෙරොයින්,ගංජා රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි හා බීමත්ව අශෝභන ලෙස හැසිරුණ මෙන්ම වන්දනාකරුවන් අපහසුවට පත්වන ලෙස ක්‍රියා කළ පුද්ගලයන් 25 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව ,නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා අද (05) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රකාශ කළේය.
ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණවීමෙන් රුපියල් 50,000/- කට ආසන්න දඩ මුදලක් රජයට අයකර ගත් බවද හෙතෙම පැවසීය.
ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන විට සුරාවෙන්, දුසිරිතෙන් තොරව, වන්දනා ගමනක් ලෙස සංවරශීලිව පැමිණෙන ලෙස ස්ථානාධිපතිවරයා මෙහිදි ඉල්ලා සිටියේය.
DE සිල්වා








