FAST NEWS

24×7 Around the Globe

නැව වරායේ වුනත් පොහාර බෙදාහැරීම 08 වැනිදා වෙයි..

ජය මැදපෙරදිග කලාපයෙන් ආනයනය කළ පොහොර මෙට්‍රික්‌ ටොන් 48000 ක්‌ රැගත් නැව මේ වනවිට කොළඹ වරායට පැමිණ තිබුණත් බෙදාහැරීම් කටයුතු කළ හැක්‌කේ ලබන සඳුදා (08 ) සිට යෑයි ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්‌ෂ රවි ක්‍රිෂාන්ත මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

එම පොහොර සාම්පල පරීක්‌ෂාවකට ලක්‌ කරන තුරු බෙදාහැරීම සිදු කළ නොහැකි වීම ඊට හේතුව යෑයිද ඒ මහතා සඳහන් කළේය.

සාම්පල් පරීක්‌ෂා කර වාර්තාව ලබා ගැනීමට දින තුනක්‌ ගත වන බවත් පොහොර තොගය නිසි ප්‍රමිතියෙන් යුක්‌ත වුවහොත් පමණක්‌ වරායෙන් ගොඩබාන බවත් පැවසූ හෙතෙම, ප්‍රමිතියෙන් තොර වුවහොත් නැව ආපසු හරවා යවන බවද අවධාරණය කළේය.

DE සිල්වා