FAST NEWS

24×7 Around the Globe

මොරගහකන්ද ජලාශය ශ්‍රී ලංකාවට ලබා දීම 08 වැනිදා…

චීන සිනෝහයිඩ්‍රෝ සමාගම විසින් ඉදිකරන ලද මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය වෙත නිළ වශයෙන් භාර දීම ජනවාරි 08 වැනිදා සිදු කිරීමට නියමීතය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරගහකන්ද වේල්ලෙදී මෙම භාර ගැනීම සිදු කිරීමට නියමීතය.

මෙහිදී මොරගහකන්ද හා කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ වාන් දොරටු විවෘත කිරීම ද සිදු කිරීමට නියමීත අතර ,මෙමගින් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ගොවි ජනතාව වෙත ජලය මුදා හැරෙයි.

ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙය ක්‍රියාත්මක වන අතර දැනට මෙහි ජල ධාරිතාව අක්කර අඩි 455,000 ක් වන අතර ,මෙම ව්‍යාපෘතියේ කළුගඟ වේල්ල මෙම වසර අවසානයේ දී නිම කිරීමට නියමිතය.

දෙවන අදියර ලෙස 2021 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයට ජලය ලබා දීමට කටයුතු කිරීමට නියමීත වන අතර තෙවන අදියර යටතේ ඉරණමඩුව නගරයට ජලය මුදා හැරීමට නියමිතය.

DE සිල්වා