FAST NEWS

24×7 Around the Globe

පක්ෂ කිහිපයක් පාර්ලිමේන්තුව කැඳවන්නයි ඉල්ලයි..

ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධව විවාදයක්‌ පැවැත්වීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්‍ෂය කථානායකවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත.

ඒ අනුව නව වසර සඳහා පාර්ලිමේන්තුව රැස්‌වීමට නියමිත ජනවාරි 23 වැනිදාට පෙර පාර්ලිමේන්තුව කැඳවන ලෙස එම පක්ෂ ඉල්ලා සිටියි..

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර කැඳවීම සම්බන්ධව තීරණයක්‌ ගත හැක්‌කේ අගමැතිවරයාට බවත් පාර්ලිමේන්තුආරංචි මාර්ග පවසයි.

DE සිල්වා