මහත් ආන්දෝලනයකට තුඩු දුන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට ආදල උමං මාර්ගයේ ජල කාන්දුව සම්පුර්ණයෙන් නවතා දැමීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඒ අනුව මෙතෙක් ජල කාන්දුව සිදුවූ ස්ථාන වලින් එය නතරවී ඇති බවත් මහවැලි සංවර්ධන අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක මහතා කියයි.
මීට අමතරව උමා ඔය හරහා ඉදි කරන පුහුල් හා ඩයබරා අමුණ මගින් බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික වල අළුත් ඉඩම් හෙක්ටයාර 5000ක කෘෂිකාර්මික කටයුතු ඇරඹිය හැකි බවද මෙරට ජාතික ජල විදුලි බල පද්ධතිය සඳහා මෙගාවොට් 120ක විදුලි බලයක් උත්පාදන කළ හැකි බවද දැනට කෘෂිකර්මය සඳහා යෙදා ඇති ඉඩම් හෙක්ටාරය 30000කට වාරි ජලය සැපයිය හැකි බවද ඔහු පැවසීය.
DE සිල්වා








