FAST NEWS

24×7 Around the Globe

විනිසුරුවන්ගේ වැටුප් වැඩි කිරීමට මංගල විරෝධය පායි..

නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ ගත් තීරණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (02) පැවැති කැබිනට් රැස්වීමේ දී විරෝධය පළ කර ඇතැයි රජයේ ආරංචි කියයි.

මෙලෙස වැටුප් විශාල ප්‍රතිශතයකින් වැඩි කිරීම අනුමත කළ නොහැකි බවත් එමගින් අනෙකුත් ක්ෂේත්‍රවලද නොසන්සුන්තාවයක් ඇතිවිය හැකි බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දී ඇත.

එසේම කැබිනට් මණ්ඩලය මෙම වැටුප් වැඩිවීමට අනුමැතිය දුන් දිනයේ තමා එම රැස්වීමට සහභාගී නොවූ බවත් ඔහු මෙහිදි පවසා තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කළේ කමිටුවක් මගින් ගත් සාමූහික තීරණයක් ලෙස බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමීන් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම මහත මෙම රැස්වීම තුළදී ප්‍රකාශ කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

DE සිල්වා