වෛද්‍ය පීඨ සඳහා වැඩිපුර සිසුන් 150 දෙනකු බඳවා ගැනීමට 2018 වසරේ කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
එ අනුව වයඹ හා සබරගමුව වෛද්‍ය පීඨ දෙක අලුතින් ආරම්භ කෙරෙන බවත්, සිසුන් 75 දෙනා බැගින් මෙම වෛද්‍ය පීඨ දෙකට සිසුන් 150 දෙනකු ඇතුළත් කරගැනීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.
ඊට අමතරව ඉදිරියේදී මොරටුවේද නව වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද කිරිඇල්ල අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
DE සිල්වා








