FAST NEWS

24×7 Around the Globe

මාධ්‍ය උපමාන යෝජනා සම්මතයට අගමැති අත්සන් තබයි..

මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) දින අරලියගහ මන්දිරයේදී අත්සන් තැබූවේය.

එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍යත වජිර අබේවර්ධන, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, ජාතික භාෂා පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන්, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් සහ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් සහභාගී වි සිටියහ.

DE සිල්වා