FAST NEWS

24×7 Around the Globe

විදේශීය තැපැල් ගාස්තුව ඉහළට..

විදේශීය තැපැල් ගාස්තුව රුපියල් 05 කින් ඉහළ දැමීමට පියවර ගත් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

එ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් ,ඊයේ (01) දිනයේ සිට මෙම ගාස්තු ක්‍රියාත්මක බවද එම දෙපාර්තුමේන්තුව පවසයි.

එසේම ගුවන් භාණ්ඩ පාර්සල් ගාස්තුවද අදාළ රට අනුව සංශෝධනය කිරීමට නියමිත බවද පැවසේ.

විදේශීය තැපැල් ගාස්තු වාර්ෂිකව සංශෝධනය කළ යුතු වුව ද 2011 වසරෙන් පසු ගාස්තු සංශෝධනය කර නොමැති බව තැපැල් දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.

DE සිල්වා