FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ අද ජනාධිපති කාර්යාලයට යයි..

මහ බැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම පසුගියදා ජනාධිපතිවරයා වෙ. ඉදිරිපත් කළ වාර්තාවේ තොරතුරු ලබාගැනීමට තම පක්‍ෂය අද (02) ජනාධිපති ලේකම් කාර්යාලයට යන බව ජවිපෙ නායක, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

අදාළ වාර්තාවේ ඇතුළත් කරුණු, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාදෙන ලෙස ලිඛිත ඉල්ලීමක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය.

මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නීතිඥ සුනිල් වටගල යන අය සහභාගි වන බවද එ මහතා පැවසීය.

DE සිල්වා්