එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය අද (28දා) කොළඹදී පැවැත්වේ.
ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් අසලදී පෙරවරු 9.30ට පමණ තරුණ තරුණියන් කිහිපදෙනෙකුට සංකේතාත්මකව ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වා, ඉන් පසුව පෙරවරු 10.30 ට පමණ හෙන්ද්‍රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී විශේෂ මහජන රැලියක් පැවැත්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලසුම් කර තිබේ.
මෙම අවස්ථාවට සහභාගී වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කර තිබෙන බවත්, හිටපු ජනාධිපතිවරයා පමණක් එයට එක්වන බවත් සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සන්ධාන ආණ්ඩුවක් යටතේ රටේ ඉදිරි පස් වසර සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන ව්‍යාපෘති ඇතුළු සමාජ ආර්ථික වැඩපිළිවෙළ මෙහි අන්තර්ගත වන බව වාර්තා වේ.







