FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන් ඝාතනය කරලා – රහස් පොලීසියෙන් ප්‍රකාශයක්.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුනොවූවක් බව රහස් පොලිසිය ඊයේ (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවසීය. ඔහුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී මොට ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇති බවට කරුණු හෙළිවී ඇතැයි රහස් පොලිසිය දැන්වීය.

තාජුඩීන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදී 2012 වසරේ මැයි 16 වැනිදා ඔහු ගමන් කළ මෝටර් රථය ගිනි ගැනීමෙන් මිය ගොස් සිටි බව එකල වාර්තාවිය.

නඩු විභාගය අද (28) නැවතත් වැඩි දුර විභාගයට ගැනීමට නියමීතයි.