FAST NEWS

24×7 Around the Globe

අබ්දුල් කලාම් මහතා වෙනුවෙන් ඉන්දියාවේ සතියක ශෝක කාලයක්.

හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතාගේ අභාවය වෙනුවෙන් සතියක ශෝක කාලයක් ප්‍රකාශ කිරීමට ඉන්දීය රජය සූදානම් වේ.

අබ්දුල් කලාම් මහතාගේ දේහය අද දිල්ලි අගනුවරට රැගෙන ඒමට නියමිත ය.

අභාවප්‍රාප්ත ජනාධිපතිවරයාට විශේෂ ප්‍රණාමය පුද කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ, අබ්දුල් කලාම්ගේ බුද්ධිමත් භාවය පිළිබඳ නිරන්තරයෙන් ම විස්මයට පත් වූ බව ය.

ඊයේ පස්වරුවේ ඉන්දියාවේ ශිලෝන්ග්හි කළමනාකරණය පිළිබඳ ඉන්දීය ආයතනයේ සිසුන් පිරිසකට දේශනයක් පවත්වන අතරතුර හදිසියේ ඇද වැටුණු ඔහු රෝහලට ගෙන යාමෙන් පසු මිය ගිය බව ඉන්දීය බලධාරීහු අනාවරණය කළහ.

වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ, හිටපු ඉන්දීය ජනාධිපතිවරයාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව ය.

මිය යන විට 83 වැනි වියේ පසු වූ අබ්දුල් කලාම් ජනප්‍රිය වූයේ, මිනිසුන්ගේ ජනාධිපතිවරයා යනුවෙනි.

ඉන්දියාවේ මිසයිල මිනිසා, භාරත් රත්න, අද්විතීය විද්‍යාඥයා යනු ඔහු හැඳින්වීමට යොදා ගත් තව ත් නම් කිහිපයකි.

1931 ඔක්තෝබර් 15 වැනි දින ධීවර බෝට්ටු හිමිකරු‍වෙකු‍ගේ පුතෙකු වශයෙන් උපත ලැබූ කලාම් මහතා ඉන්දියාවේ 11 වැනි ජනාධිපතිවරයා වශයෙන් 2002 වසරේ සිට 2007 වසර දක්වා කටයුතු කළේ ය.

පද්ම භූෂන්, පද්ම විභූෂන්, භාරත් රත්න ආදී ඉන්දියානුවෙකුට පිදෙන ඉහළ ම සම්මානවලින් ද අබ්දුල් කලාම් මහතා පිදුම් ලබා තිබේ.

ආචාර්ය අබ්දුල්