දියවන්නා ඔයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ.
අද පෙරවරුවේ ලද තොරතුරකට අනුව දියවන්නා ඔයේ පොල්දූව හංදිය ආසන්නයේ තිබී එම මළ සිරුර සොයා ගැණුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.
සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.







