FAST NEWS

24×7 Around the Globe

භාරත නඩුවේ විත්තිකරුවකු රිමාන්ඩ් කිරීමට නියෝග.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එහි තුන්වැනි විත්තිකරුට එරෙහි නඩුවේදී ඔහු ලබන අගෝස්තු 6 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අද (27) නියෝග කළාය.

නියම කළ අවස්ථාවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමේ ඇප කොන්දේසි මත සිටියදී චමින්ද රවී ජයනාත් නමැති විත්තිකරු ඒවා කඩ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබූ අතර අද නීතිඥයකු මාර්ගයෙන් අදාළ විත්තිකරු උසාවියට බාරවූ අවස්ථාවේ මෙසේ රිමාන්ඩ් කෙරිණි.