FAST NEWS

24×7 Around the Globe

වටරැක හිමිට එරෙහිව ඥානසාර හිමී ක්‍රියාත්මක වෙයි.

සමසමාජ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ අවස්ථාවේදී එම පක්ෂයෙන් තරග කරන අපේක්ෂක වටරැක විජිත හිමි ජාතික කොඩිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට විරුද්ධව පොලිස් මූලස්ථානයට අද (27) පැමිණිල්ලක් බාරදීමට නියමිත බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේක්ම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

වටරැක විජිත හිමියෝ ජාතික කොඩිය ගිනි තැබිය යුතු යැයිද එය ජාතීන් අතර අසමගිය ඇති කරතියිද යනුවෙන් දැඩි විවේචනයක් පසුගියදා සිදුකළ අතර ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැතැයි පොලිසිය කියා තිබුණි.