FAST NEWS

24×7 Around the Globe

පැවරුණු වැඩ කොටස නිමකර දේශපාලනයෙන් සමුගන්නවා – අගමැති රනිල්

මහින්ද රාජපක්ෂට මෙන් බලයට කෑදරකමක් තමන්ට නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනතාවගේ විශ්වාසය තබා පවතින වැඩ කොටස නිමකර තමන් දේශපාලනයෙන් ඉවත්ව ගෙදර යන බව ද ඒ මහතා කීය.

අකුරණ ප්‍රදේශයේ දී පෙරේදා (25) පැවැති ජනහමුවක දී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඉදිරි මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අඛණ්ඩ වසර 15ක් මෙරට අගමැති ධුරය හොබවන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යනුවෙන් නිවේදක මහතා අගමැතිවරයාව ජනතාව ඇමැතීම සඳහා කැඳවු අවස්ථාවේ වික්‍රමසිංහ මහතා එයට පිළිතුරු දෙමින් මේ බව කීය.

නිවේදක මහතා පැවසූ පරිදි වසර 15ක් අගමැති ධුරය හොබවන්නට තම බලාපොරොත්තුවක් නොමැති බවත් මහින්ද රාජපක්ෂ මෙන් බලයට කෑදර නොමැති තමන් පැවරුණු වැඩ කොටස නිමකර දේශපාලනයෙන් සමුගන්නා බවත් මෙහිදී අගමැතිවරයා පැවැසුවේය.

තමන් ජනතා කැමැත්තෙන් හැමදාම බලයේ සිටින බවට මහින්ද රාජපක්ෂ, රටේ ඇති කර තිබූ බොරු මතය පසුගිය ජනවාරි 8 දා පරාජය කරන්නට මේ රටේ සියලු කණ්ඩායම් එකට එක්වූ බවද එජාප නායකයා ප්‍රකාශ කළේය. මහින්ද සාටකය බිම තබා ඔළුවෙන් සිට ගත්තත් ඔහුට දිනන්න බැරි බවත් ඔහු පරදින බව ස්ථිර බවත් හෙතෙම කීය.