FAST NEWS

24×7 Around the Globe

අමාත්‍යංශ හරහා කටයුතු සිදුකළේ පොදුජනතාවගේ හුදු යහපත සඳහායි – අැමති රිෂාඩ්

එක්සත් ජාතික පෙරමුණේ වන්නි දිස්ත්‍රික් මහ මැතිවරණ කණ්ඩායම් නායක අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පසුගියදා මන්නාරම ප්‍රදේශයේ  පැවති ජන හමුවකට සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කර සිටියේ තමන් මෙතෙකල් සිය අමාත්‍යංශ හරහා කටයුතු සිදුකළේ පොදුජනතාවගේ හුදු යහපත සඳහා බවත් කිසි විටෙකත් තම ස්වාර්තය පළමු කොට ක්‍රියා නොකළ බවයි .

එසේම  ඇතැම් වෙනත් දේශපාලන පක්ෂ වල අපේක්ෂකයින් ජනතාව වෙත මුදල් ලබාදී ජන්ද ලබාගැනීමේ අරමුණින් ක්‍රියා කරන බවත් ඊට නොරැවටෙන ලෙස  අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා රැස්ව සිටි ජනතාව වෙත වැඩිදුරටත් මෙහිදී අවධාරණය කර සිටියේය.

r3 r2