ගීතා කුමාරසිංහ ද්විත්ව පුරවැසිභාවයක් දරන තැනැත්තියක් නිසා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(02) දින තීන්දු කරන ලදි.
අගවිනිසුරු ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව, ප්‍රකාශයට පත් කළේ සිසිර ද ආබෲ , අනිල් ගුණරත්න ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.
++++++++++++++++++++++++++++++++++++++++++++++
ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු ධුරය සම්බන්ධ නඩුවේ තීන්දුව අදයි..
ද්විත්ව පුරවැසිභාවය ලැබූ ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු ධුරය සම්බන්ධ නඩුවේ තීන්දුව අද (02) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
ද්විත්ව පුරවැසිභාවය ලැබූවෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ඉසිලීමේ හැකියාවක් නැතැයි අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කොට ඇති අභියාචනයේ තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත්කෙරේ.