FAST NEWS

24×7 Around the Globe

අලුතින් පැනවීමට නියමිත 25,000 ක දඩ මුදල ක්‍රියාත්මක කිරීම කල් යයි..

රථ වාහන වැරදි සඳහා අලුතින් පැනවීමට නියමිත රුපියල් 25,000 ක අවම දඩ මුදල ක්‍රියාත්මක කිරීම කල් යන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ප්‍රකාශ කරන ලදි.

එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේ මෙම දඩ මුදල අද (01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද ඊට අදාළ ලිපි ලේඛන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් අනුමත නොවීම නිසා එය තවදුරටත් ප්‍රමාද වන බවයි.