FAST NEWS

24×7 Around the Globe

UPDATE: පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබයි..

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අත්සන් තබා තිබේ. 

අමාත්‍යවරයා විසින් ඊට අත්සන් තැබුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීය.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++

පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තැබීමට නියමිතයි..

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනයට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අද (01) අත්සන් තැබීමට නියමිතය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී සඳහන් කළේ අදාළ ගැසට් නිවේදනය අද දිනය තුළ ප‍්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි.

ඒ අනුව නව මැතිවරණ ක‍්‍රමය යටතේ ඉදිරියේදී මැතිවරණය පැවැත්වීමට පහසුකම් සැලසෙනු ඇත.