FAST NEWS

24×7 Around the Globe

සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව අගමැති පවසයි..

රටේ ණය අර්බුදයට මුහුණ දෙමින් සංවර්ධන කටයුතු ද අඛණ්ඩව පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන ලදි.

මට්ටක්කුලිය ප්‍රදේශයේ ඉදිකළ ‘මෙත්සඳ සෙවන’ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට කොළඹදී ඊයේ(30) දින එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.