FAST NEWS

24×7 Around the Globe

යුරෝපා පාර්ලිමේන්තු සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට..

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී ජීන් ලැම්බර්ට් මහතා ප්‍රධාන සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කණ්ඩායම රජයේ මෙන්ම සිවිල් සමාජයේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් එහිදී ශ්‍රී ලංකාවේ සමගි සන්ධාන වීම හා ජී.එස්.පී. ප්ලස් සහන ලබාගැනීමට අදාළව ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වේ.

එසේම අන්තර් පාර්ලිමේන්තු සංවාදයක් පැවැත්වීමටද නියමිත බව සදහන්ය.