FAST NEWS

24×7 Around the Globe

දුම්වැටි 33600ක් සමග කාන්තාවක් අත්අඩංගුවට..

රුපියල් 1,680,000 වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ කාන්තාවක් අද (31) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සන්තකයේ තිබී දුම්වැටි කාටන් 168 ක් සොයාගෙන ඇති අතර , එහි දුම්වැටි 33,600 ක් තිබූ බව රේගුව සදහන් කරයි.