මෙම වසරේ ජූලි මාසයේදී ඉන්දියාවෙන් ඇණවුම් කළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 17,000 ක් මේ වනවිට ලැබී ඇති බවත්, ඒවා ලංකා සතොස අලෙවි සැල් මගින් හා සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ජංගම අලෙවි රථ මගින් ලංකාව පුරා බෙදාහැරීමට කටයුතු යොදා ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ඉන්දියාවෙන් ඇණවුම් කළ ඉතිරි නාඩු සහල් මෙට්‍රික් ටොන් 53,000 නොවැම්බර් දෙවැනි සතිය වනවිට ලංකාවට ගෙන්වීමට සැලසුම් කර ඇති බවත් මෙසේ ආනයනය කළ නාඩු සහල් කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 74කට ලංකා සතොස හා සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ජංගම අලෙවි රථ මගින් පාරිභෝගිකයන්ට ලබාගතහැකි බවත් එම අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.






