යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පවතින වැරදි මත නිවැරදි කර ගැනීම සඳහා ඉදිරියේදී ප්රවේශයන් 03 ක් වෙත යොමු වීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (30) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති සහජීවන සංගම් හා ජාතික සිවිල් සමාජ සම්මේලන කි‍්‍රයාකාරින්ගේ හමුව අමතමින් පැවැසීය.
ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනාගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම, සියලුම ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් සර්ව ආගමික සමුළුවක් කැඳවීම සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වන රටේ සියලු උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ සමුළුවක් කැඳවීමට කටයුතු කෙරෙන බව පවසන ලදි.








