FAST NEWS

24×7 Around the Globe

සයිටම් අහෝසි කිරීමේ යෝජනාව පිළිනොගන්නා බව අන්තරේ කියයි..

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරමින් රජය ඊයේ(29) දින ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිනොගන්නා බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කරන ලදි.

එහි වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ මේ බව කියා සිටියේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා සරසවි සිසුන් පිරිසක් සත්‍යග්‍රහයක නිරත වන කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අට්ටාලය අසල අද(30) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.