රට ඉදිරියේ පවතින බරපතළ අභියෝග ජය ගැනීම සඳහා විශාල ශක්තියක් සහ හැකියාවක් ජනාධිපතිවරයා සතු බවත්, සියලු ජාතීන්ගේ එකඟතාවයෙන් ජාතික ප්‍රශ්නයට විසඳුමක් දිය හැකි නායකයා ජනාධිපතිවරයා පමණක් බවත් ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ, පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් රජමහ විහාරස්ථානයේ කඨින පූජෝත්සවය සහ වාහල්කඩ සහ සම්මන්ත්රණ ශාලාව විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (29) සංවිධානය කොට තිබූ පුණේයාත්සවය අමතමින් පැවැසූහ.
මෑතකදී ජනාධිපතිවරයා මුණගැසී දීර්ඝ වේලාවක් තමන්ගේ අදහස් පළ කළ බවත් , ඒ සා දීර්ඝ වේලාවක් ඉතා සන්සුන්ව තමාට සහ තම පිරිසට ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා අවසානයේ ස්ථීරසාර ලෙස පළකළ අදහස එතුමාට මේ රටත් රටේ වැසියනුත් ගැන ඇති හැඟීම ඉතාම ගැඹුරින් පෙන්නුම් කළ බවත් අභයතිස්ස හිමියෝ සඳහන් කළහ.








