FAST NEWS

24×7 Around the Globe

ඩග්ලස් දේවානන්දාට පහරදීමේ සිද්ධියේ වරදකරුවන් වූ 6 දෙනෙකුට සිර දඩුවම්..

වර්ෂ 1998 ජුනි 30 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී උල් ආයුධවලින් හා මොට ආයුධවලින් පහරදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ඩග්ලස්‌ දේවානන්දා ඝාතනය කිරීමට තැත්කිරීම ඇතුළු අධි චෝදනා තුනක්‌ යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් 6 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද(30) වසර 10 හමාර බැගින් සිර දඬුවම් නියම කරන ලදි.

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ උතුරු – නැගෙනහිර පළාත් මූල්‍ය අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඇන්ටනි එමිල් ලක්‍ෂමි කාන්තන් ඇතුළු විත්තිකරුවන් පිරිසක් නිදොස් කර නිදහස් කිරීමටද අද තීන්දු කෙරුනි.

විත්තිකරුවන් 16 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබුනි.