FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඇතුළු 31 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට..

හම්බන්තොට පිහිටි ඉන්දීය කොන්සල්කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුනු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඇතුලූ 31 දෙනෙකු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පිරිස අතරට පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර සහ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ද වේ.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එක් සිසුවෙකුට අධිකරණය අද(30) දින ඇප ලබාදෙන ලදි.