දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ විශේෂයෙන් ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි සහ සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ උතුර පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 100 ක පමණ වැසි ඇතිවිය හැකි බවයි.








