දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ කුඩා බස් රථයක අද අලූයම හදිසි ගින්නක් හටගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කඩුවෙල දෙසට ධාවනය වූ මෙම බස් රථය කහතුඩුව ප්‍රදේශයේදී මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇති බවයි .
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අධිවේගී මාර්ග ගිනි නිවන ඒකකය ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව වාර්තා වේ.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.








