FAST NEWS

24×7 Around the Globe

පොදුසමා කාලයේ දින තුනක් තුළදී සාමාජිකයන් 1819ක් කඳවුරු වෙත..

යුද හමුදාවෙන් පලාගිය සාමාජිකයන්ට නීත්‍යනුකූලව ඉවත් වීම සඳහා ලබාදුන් පොදුසමා කාලයට අනුව දින තුනක් තුළදී සාමාජිකයන් 1819 දෙනෙකු කඳවුරු වෙත වාර්තා කර තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.

මෙම පිරිසගෙන් දෙදෙනෙකු නිලධාරීන් බවත්, පොදුසමා කාලය තුළදී කඳවුරු වෙත වාර්තා කරවූ කිසිවෙකුටත් නීති මගින් කටයුතු නොකරන බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

පොදුසමා කාලය ඔක්තෝබර් 23 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර, යුද හමුදාවේ වෛද්‍ය බළකායේ සාමාජිකයන් හැර සෙසු අංශවල පිරිස්වලට මෙම කාලය තුළ නීත්‍යනුකූලව ඉවත් වීමේ අවස්ථාව හිමිවී තිබේ.