FAST NEWS

24×7 Around the Globe

හෙට්ටියාවත්ත සිට ඉබ්බගෙවත්ත මංසන්ධිය දක්වා වාහන ගමනාගමනය සීමා වෙයි..

හෙට්ටියාවත්ත මංසන්ධියේ සිට ඉබ්බගෙවත්ත මංසන්ධිය දක්වා මාර්ගයේ ජල නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් හෙට(27) රාත්‍රී 9 සිට ලබන 30 වනදා උදෑසන 5 දක්වා වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ කොච්චිකඩේ දෙස සිට පැමිණෙන වාහන සහ බස් රථ හෙට්ටියාවත්ත මංසන්ධියෙන් දකුණට හරවා ජෝර්ජ් ආර් ද සිල්වා මාවතෙන් ගමන් කර බ්ලූමැන්ඩල් මාර්ගය හරහා අලුත් මාවතට පිවිසිය හැකි බවයි.

එමෙන්ම මට්ටක්කුලිය දෙස සිට පැමිණෙන වාහන මාදම්පිටිය මාර්ගයෙන් හෝ සෙන් ජේම්ස් මාවතෙන් බ්ලූමැන්ඩල් මාර්ගයෙන් පැමිණ හෙට්ටියාවත්ත මංසන්ධියට ගමන් කළ හැකි බව සදහන් කරන ලදි.