විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් රුපියල් 25,000 ක දඩයක් නියම කිරීමට අදාළ ගැසට් පත්‍රය මෙම මාසය අවසන් වීමට පෙර නිකුත් කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේ ඊට අදාළ කටයුතු මේ දිනවල සම්පාදනය කරමින් සිටින බවයි.








