පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් වූ ආයතන සඳහා විශේෂ වරප්‍රසාද ලබා දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) ආරම්භ වූ 27 වන ආසියා ශාන්තිකර වනාන්තර සමුළුව අමතා කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැසීය.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, පරිසර ආරක්ෂණය සම්බන්ධයෙන් පොදු ජනතාව වෙත උපදෙස් ලබා දීමේදී එහි වැදගත්කම් සරලව පැහැදිලි කර දිය යුතු බවයි.








