FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකට සිතාසි නිකුත් කෙරේ..

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකට මහාධිකරණයේ අද විභාගවීමට නියමිත නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහාධිකරණය මගින් යළිත් සිතාසි නිකුත් කර තිබේ.

නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනු කිරීමත් සමග එම නඩුවේ සාක්ෂි විභාගය අද(24) දින සිදුකිරීමට නියමිතව තිබුණත් පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් සිතාසි නිකුත් කරන ලදි.