FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ජනපතිට ලිපියක්..

ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීම් අනුව සයිටම් ගැටලුව නිමා කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයාට අද ලිපියක් යොමුකර තිබේ.

එමගින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ සයිටම් අර්බුදය අද වනවිට සමස්ත රට වැසියන්ට බලපාන කරුණක් බවට පත්ව ඇති බවයි.

එබැවින් ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේලා ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය කෙරෙහි අවධානය යොමුකර, සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය අවසන් ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.