FAST NEWS

24×7 Around the Globe

පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදෙයි..

පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසම විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති නුවරඑළිය කොට්ඨාශයටත්, ගල්ගමුව පොලිස් ස්ථානාධිපති ගොකරැල්ල කොට්ඨාශයටත් මාරු කර යවා ඇති බවයි.

එසේම වෙන්නප්පුව පොලිස් ස්ථානාධිපති ගල්ගමුවටත්, මුරුක්කන් පොලිස් ස්ථානාධිපති වෙන්නප්පුවටත් මාරු කර ඇති අතර, මහනුවර පොලිස් කොට්ඨාශයේ ස්ථානාධිපති තිරුක්කෝවිල් පොලිස් ස්ථානයටත් මාරු කර යවා තිබේ.

මීට අමතරව තිරුක්කෝවිල් වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා රත්තොට පොලිස් ස්ථානාධිපති ලෙස මාරු කර යවා ඇති බව වාර්තා වේ.