FAST NEWS

24×7 Around the Globe

මීටර් සවි නොකල සියලුම ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරිමට යයි..

මීටර් සවි නොකල සියලුම ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරිමට ඉදිරියේදි කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඊයේ(20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෝටර් වාහන පනතේ නියෝගයන් කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.