FAST NEWS

24×7 Around the Globe

UPDATE: දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි..

අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කරන ලදි.

වෘත්තීය සමිති සඳහන් කළේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ලබාදුන් පොරොන්දුව මත තාවකාලිකව වර්ජනය අත්හිට වූ බවයි.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++

දුම්රිය සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක..

වැටුප් ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(20) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වීමට දුම්රිය සේවකයින් තීරණය කර තිබේ.

දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න පැවැසූවේ දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ නියාමකවරුන් මෙම වර්ජනයට එක් වන බවයි.