FAST NEWS

24×7 Around the Globe

කඩවත අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි..

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත – බෝගහ අසල ජල නලයක් පුපුරා යාම හේතුවෙන් අද(20) පෙරවරු 9.30 සිට පැය 12 ක කාලයක් කඩවත අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවා තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළේ කිරිබත්ගොඩ, පුෂ්පාරාම මාර්ගය, ගනේමුල්ල මාර්ගය, රාගම පාර, ගෝනහේන මාර්ගය සහ කඩවත නගරයේ ජල සැපයුම අත්හිටුවීමට පියවර ගත් බවයි.