යුද හමුදාවෙන් පලාගොස් සිටින වෛද්‍ය බළකා නිලධාරීන්ට හැර සෙසු පිරිස් වලට මේ මස 23 වැනි දින සිට නොවැම්බර් 15 දක්වා කාලය තුළදී භාරවීමට පොදු සමා කාලයක් ලබාදෙන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.
පොදු සමා කාලය තුළදී තම මව් කඳවුරට ගොස් අදාළ ලිපි ලේඛන ඉවත් කිරීමෙන් නීත්‍යනුකූලව ඉවත්වීමට හැකියාව තිබෙන බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.








